ලැගුම් හල් සහා පෙම්වතුන් පිලිබද ලංකාවේ නීතිය........
ලැගුම්හල් සහා පෙම්වතුන් පිලිබද පොලීසියට ක්‍රියාතමක විය හැකි රාමුව තීරණය වන්නේ ඒ සම්බන්දව පනවා ඇති විවිධ නීති මගිනි.ඒ නිති රීති පිලිබද වර්ථමානයේ සමාජය පමනක් නොව පොලිසියද පැහැදිලි අවබෝදයක් නොපවතින බව අප රට තුල සිදුවන් ඇතැම් සිදුවීම් පිලිබද සොයා බැලිමෙදි පෙනීයන කරුනකි.එබැවින් මෙවැනි අවස්තාවකදි පොලිසියට ක්‍රියත්මක විය හැකි ආකාරය පිලිබද දැනුමක් මහජනයා තුල පැවතිය යුතුය...
ප්‍රදාන වශයෙන්ම ගණිකා වාස පනත යටතේ ලැගුම්හල්වල සිටින්නන් අත්ඩංගුවට ගැනිමට පොලිසියට බලය ඇත.
මෙම පනතේ 02 වන වගන්තියට අනුව ගණිකා වසයක් පවත්වාගෙන් යාම ,කලමණාකරනය කිරීම,කලමනාකරණයට අධාර කිරිම එම වරදට වැරදි කරුවෙකු විය හැකිය.

එසේ වුවද මෙම පනත යටතේ ලැගුම් හලක සිටින්නන් අත්ඩංගුවට ගත හැකිවන්නේ දෙහ්ඩෙනාගෙන් කාන්තාව එම ලැගුම්හලේ සේවයේ නියුක්තව සිටින්නේනම් පමනි.යම් පුද්ගලයේක් ලැගුම්හලට පිටතින් කාන්තාවක් රැගෙන ගොස් ඇය සමග ලිංගික කර්යයේ යෙදේනම් එයට කිසිසේත්ම බාධා කිරිමට පොලීසියට නොහැකිය.
(සිරිනිමල් එදිරිව හලාවත පොලිස් පරික්ෂක සහා තවත් අය නදුවේ 2001 ශ්‍රි ලංකා නව නීති වාර්ථා පිටු අංක 29 මෙ බව දක්වා ඇත.)
යම් අයෙකු ලැගුම් හලක් තුල බාලවයස් කාර දැරියක් හෝ දරුවෙකු සමග සිටි නම් ජාතික ළමාරක්Sශක පනත යටතේ එම පුද්ගලයා අත්ඩංගුවට ගැනීමට පොලිසියට හැකිය.
එහිදී එල්ලවන චෝදනාව වන්නේ බාලවයස්කරුවකු ලිංගික අපයොජනයට ලක් කිරිම යනුවෙනි.
පාසල් සිසු සිසුවියන් සම්බන්දයේන් තත්වය මෙම කාරණාවටම අයත් වේ.
මෙම නීතියට ගරු කිරිමක් වශයේන් බොහෝ ලැගුම්හල් වලට පුද්ගලයන් ඇතුල් කර ගැනිමෙදි හැදුනුම් පත පරීක්ෂා කිරිම සිදු කරනු ලබයි.
අවුරුදු 18 අඩු දරුවෙකු දෙමාපියන් හා තම පවුලෙ සමග නොසිටින බව පෙනී යන්නේනම් කාමර ලබා දීම ප්‍රතික්ශෙප කරන ලැගුම්හල් හිමියන් කොතෙකුත් සෛටිති.
එසේ වුවද පටු ලාබ ප්‍රයොජන හා වාසි අරභයා බාලවයස්කාරටින්ට ලැගුම්හල් සේවාව සපයන පුද්ගලයන්ද සිටිති.
ඒ සම්බන්දව ක්‍රියා කිරිමට ප්‍රමානවත් නීතීරීති අප නීතී පද්ධතිය තුල ඇත.යම් තැනැත්තෙකු ලැගුම් හලක නොවන වෙනත් ඔනෑම ස්තානයක රැදි සිටියදී සිදුකරනු ලබන පරික්ෂාවකදී තමාගේ අනන්‍යතාව තහවුරු කිරිමට අසමත් වුයේනම් ත්‍රස්තවදය වැළැක්වීමෙ පනත යටතේ ඔහුව අත්ඩංගුවට ගැනිමට පොලිසියට හැකිය.
එහෙත් ලැගුම් හලකදී අත්ඩංගුවට ගැනිමෙදී එම පුද්ගලයාට විරුද්දව ගොනු කල හැකි චෝදනාව වන්න අනන්‍යතාව ඔප්පු කිරිම අසමත් වීම සම්බන්දයෙන් පමනි.ලැගුම්හල් තුල ලිංගික ක්‍රියාවක යෙදුණේ ද යන්න මෙහිදී අදල නොවේ.
නමුත් අද බොහෝ අවස්ථා වලදී සිදුවන්නෙ අනන්‍යතාව ඔප්පු ලිරිමට නොහැකිවීම යටතේ සැකපිට අත්ඩංගුවට ගෙන් ලිංගික ක්‍රියාවක යෙදිමසම්බන්දයෙන් සැකකරුට දැඩි අවවාද කොට නිදහස් කිරිමයි.
කෙසේ වෙතත් හදිස්සි නීතිය යටතේ හෝ ත්‍රස්තවාදය වැළැක්වීමෙ පනත යටතේ ලිංගික වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් අත්ඩංගුවට ගැනිම නෛතික වශයෙන් ප්‍රශ්න කලහැකි තත්වයකි.
යම් අවශ්තාවක යම් පුද්ගලයෙක් කාන්තවක් සමග ලැගුම් හලක හෝ වනයම් ස්ථානයක ලිංගික ක්‍රියාවේ යෙදේන්නේ ඇගේ කැමැත්තට පටහැණිවනම් දණ්ඩ නීති සංග්‍රහයේ වගන්තිය යටතේ එම ස්ථිය දූෂණ චෝදනාව යටතේ එම පුද්ගලයාට නඩු පැවරිය හැක.
මෙහිදී ප්‍රබලම කාරනය වන්නේ ස්ථ්‍රියගේ කැමැත්තයි.
ඇගේ කැමැත්ත ඇය කැමැත්ත දීමට හැකි හොද සිහි බුද්ධියෙන් පසුවන අවස්ථාවක ලබාගත්තක් විය යුතුයි.
යම් හෙයකින් අදාල කාන්තාව බාල වයස්කාරියක් නම් මෙම කැමැත්ත පිලිබද කාරණය බලපාන්නේ නැත.
මෙය ලංකා අපරධ නීතිය යටතෙ වරදක් නොවේ."අනාචාරය'යනු දික්කසාදයේ දී නඩු නිමිත්තක් සපයන්නවු කාරනයක් පමනක් වන අතර මෙවන් අවස්ථාවලදි පොලිසියට හැසිරිය හැකි කිසිදු භුමිකාවක් නොමැති බව අවදාරණය කල යුතුය..
0 comments:
Post a Comment