රෝස් බුරියානි
අවශ්‍ය ද්‍රව්‍ය:-
*සම්බා සහල් සේරු 1යි.
*කුකුලෙක් හෝ මස් කිලෝ 1ක්.
*රට ළුණු කිලෝ 1/2.
*තක්කාලි ග්‍රැම් 500(ලෙලි ඉවත්කර සිහින්ව කපාගත්).
*සිහින්ව කපාගත් කැරට් .
*එන්සාල්,ගම්මිරිස්,තුන පහ,රම්පේ,කරපිංචා,මිරිස්කුඩු,ලුණු ස්වල්පයක්.
*පොල්තෙල් හෝ බටර්.
සාදන ක්‍රමය:-
පලමුව සහල් සෝදා පිරිසිදු කරගන්න.
ඉන් පසු කුකුලෙක් නම් කැලි 4කටද,මස් නම් කැලිවලටද කපා පිරිසිදු කර එයට ඉහත සදහන් සුවද වර්ග සහ මිරිස් ඇතුලු තුනපහ මිශ්‍ර කරන්න.
ඉන් පසු ළුණු දික් අතට සිහින්ව කපා තෙලෙන් රන්වන් පාට වනතෙක් බැදගන්න.
මෙයට කුකුල් මස්ද මිශ්‍ර කර විනාඩි 15ක් පමන ඉදෙන්න හරින්න.
ඉන්පසු එයට සෝදා ලෙලි ඉවත් කරගත් තක්කාලි සිහින්ව කපා මෙයට එක්කරගන්න.
ඉට පසුව පිලියෙල කරගත් සහල් මෙයට එකතු කර සොදින් මිශ්‍ර කරන්න.එමෙන්ම සහල් ඉදෙන්න වතුර ස්වල්පයක්ද එයට එකතු කරන්න.
බත භාගෙට ඉදුනු පසු සිහින්ව කපාගත් කැරට්ද එයට එක්කරන්න.
තවත් විනඩි 10ක් පමන ඉදෙන්නට හැර ඔබ කැමති සලාදයක් සමග රස විදින්න.
Hello world!
-
Welcome to WordPress. This is your first post. Edit or delete it, then
start writing!














0 comments:
Post a Comment