Home »
කෙටි කතා
» ජීවිතයේ හිමි අහිමි වී යන ආදරය ගැන කථාව #02
කොහොම වෙතත් ඔය විදිහට ටික දවසක් ගෙවිල ගිය පුරුදු විදිහටම.ඒ දවස්වල අපේ ගමට හැමදාම කොටි කලබල නැතත් සමහරක් දවස් වලට මෝටාර්,අර්ටි වගේ එවා ගහනවා.අපේ ගෙවල් එහෙම දෙදරනව අර්ටි ගහනකොට .එ වගෙම සමහර එව අපේ ගමටත් උඩින් යන්ව හරියට ගිනිගෙන දැවෙන උල්කාවක් උඩින් යනව වගේ.දර්ශනයනම් ලස්සනයි එත් එකෙන් කොහෙ හරි කට හරි අනතුරක් වෙන එක ගැන හිතුවහම තම දුක.
සමහර දවස් වලට කොටි අපේ ගමට එන්න හදනකොට හමුදාවේ අය ඇවිල්ල අපිට කියනවා පන්සලට යන්න කියල ඉක්මනට,ඉතින් ගමේ හැමෝම හිටු කියල ඇදන් ඉන්න එක පිටින් දුවනව පන්සලට.මට ඒ කාලේ තිබ්බ ලොකුම ප්‍රශ්නේ තම ඇයි පන්සලට දුවන්නේ එකට කොටි එන් නැද්ද කියල.ප්‍රශ්නේ හිතේ තිබ්බට කගෙන්වත් මෙච්චර කාලේකට අහල එකට විසදුමක් ගන්න හම්බුන්නැ.
ඔන්න කොහොම හරි එක දවසක් එක දිගට මහ හයියෙන් වෙඩිතියගන්නව සද්දෙ ඇහෙන්න ගත්තා.ගමේ අයත් කලබල වේලා හොදටම.එක පාරටම හමුදාවේ ලොකු ලොරි 3ක් අවිත් ගමේ හැමොටම නගින්න කිව්වා එකට,හමුදාවේ අයත් අමුතු අමුත් තුවක්කු ගොඩාක් තියගෙන වට වෙලා හිටිය අපි නගිනකොටම එක පාරටම ගිනිදාගෙන ලොකු බෝලයක් වගේ එකක් අපිට උඩින් ගියා.එකෙන් කලබල උන ගමෙ අය කෑගහමින් පොරකකා ලොරි වලට නැග්ගා.අම්මෝ එ ලොරිවලට නගින්න අපිට බා හෙන උසයි .මාව එ හිටපු හමුදාවේ අයියා කෙනක් උස්සල ලොරිය ඇතුලෙන් තිබ්බා.පස්සේ අපෙ මල්ලිවත් උස්සලා තිබ්බා.දැන් ගමේ හැමෝම ලෝරි ඇතුලේ.අපිව නග්ග ගත්තු ලොරි ටිකක් ඈතට යනකොටම එක පාරටම ඈත ඉඩන් තවත් ගිනි බෝලයක් ඇවිත් අපි හිටපු තැන හිටපු හමුදාවේ අයගේ ඉස්සරහ වැටුනා.ටික වෙලාවක් යනකන් මුකුත් හිතාඅ ගන්නවත් බැරි උන .මගේ ඇස් 2යි කන් 2යි මොකක්ද වෙලා වගේ දැනුනා.
අම්මෝ ටික වෙලාවකින් මම දැක්ක දේ වචනෙන් කියන්නත් බැ මොකද ඒවගේ දෙයක් දැක්ක මුල්ල්ම පාර මම ඒ ...........
ඊලග කොටසට......
0 comments:
Post a Comment