This is All Sport Web Site

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is All Item Facebook Page

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is Rich Mind Facebook Page

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is All Item Web Site

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is ප්‍රීතිමත් දිවියක් Web Site

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Saturday, February 27, 2016

ඔබගේ අරමුණ ජයගන්න.....!!

ඔබගේ අරමුණ ජයගන්න.....!!

ලෝකයේ සමහර ගස්වල මල් පිපුනු විට එම ගස මිය යයි.දළු හෝ අනු ශාකා ඇති  වුවද එය ඒ ගසම නොවේ.මිනිස් සිතේ උපදින අරමුණු ද මල් සේය.එහෙත් මල් පිපුනු පසු මිය යන ආකාරයෙන් නොවී එම මල්  නම් අරමුණු ඵල දැරිය යුතුයි.එවැනි හොද අරමුණු සම්පුර්ණ කරගත් මිනිසුන් පරිපුර්නය.ඔවුන්ට වෙනත් අයට නිවැරදි මග පෙන්විය හැකිය.ඔවුන් දිගු කාලයක් ලෝකයේ ජීවත් විය යුතුය.ඒ යහපත් හෙටක් වෙනුවෙනි.ඔබත් ඔබගේ අරමුණු පිලිබදව දෙවරක් සිතා කටයුතු කල හොත් හීනමානයට හා බලපොරොත්තු කඩවීමට ලක් නොවෙනු ඇත.

Share:

Friday, February 19, 2016

හොද මිතුරු මිතුරියන්

                                     හොද මිතුරු මිතුරියන්

  ඔබට මිතුරු මිතුරිය බොහෝ  ගණනක් සිටිනවා විය හැකිය.එහෙත් ඔවුන් කොතරම් සැබැ අවංක අයද?ඔබට සිත් වේදනාවක් ඇති වු විට එය කියා සිත නිදහස් කර ගැනිමට කෙනෙක් සිටියාද? ඔබව අපහසු තාවයට පත් කරන්නට හෝ අපහසුතාවයට පත් වු විට සිනහ වෙන්නට කීදෙනෙක්  බලා සිටිනවද? සත්‍ය නම් මෙයයි. ඔබ මිතුරන් යැයි සිතා

සිටින  99%ක්ම ඔවුන්ව පසු කරනවාට අකමැති අයය.එවැනි අය  හොද මිතුරෙකු වන්නේ ඔවුන්ට පි‍ටුපස සිටින තාක්ය,ධනය-බලය-නිලය පමනක් නොව සිතේ සතුටින් ද ඔවුන්ව පසු කරනවාට ඔවුන් කොහෙත්ම කැමති නැත.එහිදී ඔවුන් ඔබට ඊරිසියා කරනු ඇත.යන්නට දී කකුලෙන් අදිනු ඇත.යටි උගුල් අටවනු ඇත.එහෙත් උඩින් හොද මිතුරන්ය..
Share:

මිනිසුන්ගේ තරම දැනගෙන උපකාර කිරිමට පෙලබෙන්න

දිනක් ‍රැයාමේ ගමනක් යමින් සිටි එක්තර පුද්ගලයෙක් හදිස්සියේම ලයිට් කනුවක් ගාව නතර වි එමෙ අත යමක් සොයන්නට විය. එ අතරම එ අසලින් ගමන් ගත් තවත් මිනිසෙක් ඔහු ලග නතර වී "ඔබ මොකක් හරි හොයනවද කියා ඇසුවා" එවිට මුල් මිනිසා" අනෙ ඔවි මිතුර මම මෙ මගේ නැතිවුන යතුරු කැ‍රැල්ල හොයනව" යනුවෙන් පැවසුවා.




මෙ අසරන මිනිසට උපකාර කිරිමට සිතු අනිත් මිනිසා ඔහු සමග එක්ව සෑම තැනම ඔහුගේ යතුර සොයන්නට උනා.

කොපමන වෙලවක් සෙවුවත් යතුර හමුවුනේ නැහැ.අන්තිමට බැරිම තැන අගන්තුක මිනිසා අනෙක් මිනිසගේන් ඇසුවා"මිතුර ඔයට හරියටම සහතිකද යතුර වැ‍ටුනේ මෙතන කියල?"

අනේ නැ යලුව මෙතන නෙමෙ ඊටත් කලින් ඉදන් යතුර නති උනැ නමුත් මෙතන විතරනේ එලියක් තියෙන්නේ එකයි මම මෙතන හෙවුවේ.අනික් තැන් පෙන්නැනේ කලුවරේ


   ඔබ මිනිසුන්ට උපකාරර කල යුතුයි, නමුත් මිනිසුන්ගේ තරම දැනගෙන උපකාර කිරිමට පෙලබෙන්න
Share:

Thursday, February 18, 2016

ජීවිතයේ හිමි අහිමි වී යන ආදරය ගැන කථාව #02

කොහොම වෙතත් ඔය විදිහට ටික දවසක් ගෙවිල ගිය පුරුදු විදිහටම.ඒ දවස්වල අපේ ගමට හැමදාම කොටි කලබල නැතත් සමහරක් දවස් වලට මෝටාර්,අර්ටි වගේ එවා ගහනවා.අපේ ගෙවල් එහෙම දෙදරනව අර්ටි ගහනකොට .එ වගෙම සමහර එව අපේ ගමටත් උඩින් යන්ව හරියට ගිනිගෙන  දැවෙන උල්කාවක් උඩින් යනව වගේ.දර්ශනයනම් ලස්සනයි එත් එකෙන් කොහෙ හරි කට හරි අනතුරක් වෙන එක ගැන හිතුවහම තම දුක.


  සමහර දවස් වලට කොටි අපේ ගමට එන්න හදනකොට හමුදාවේ අය ඇවිල්ල අපිට කියනවා පන්සලට යන්න කියල ඉක්මනට,ඉතින් ගමේ හැමෝම හි‍ටු කියල දන් ඉන්න එක පිටින් දුවනව පන්සලට.මට ඒ කාලේ තිබ්බ ලොකුම ප්‍රශ්නේ තම යි පන්සලට දුවන්නේ එකට කොටි එන් නැද්ද කියල.ප්‍රශ්නේ හිතේ තිබ්බට කගෙන්වත් මෙච්චර කාලේකට අහල එකට විසදුමක් ගන්න හම්බුන්නැ.

ඔන්න කොහොම හරි එක දවසක් එක දිගට මහ හයියෙන් වෙඩිතියගන්නව සද්දෙ ඇහෙන්න ගත්තා.ගමේ අයත් කලබල වේලා හොදටම.එක පාරටම හමුදාවේ ලොකු ලොරි 3ක් අවිත් ගමේ හැමොටම නගින්න කිව්වා එකට,හමුදාවේ අයත් අමුතු අමුත් තුවක්කු ගොඩාක් තියගෙන වට වෙලා හිටිය අපි නගිනකොටම එක පාරටම ගිනිදාගෙන ලොකු බෝලයක් වගේ එකක් අපිට උඩින් ගියා.එකෙන් කලබල උන ගමෙ අය කෑගහමින් පොරකකා ලොරි වලට නැග්ගා.අම්මෝ එ ලොරිවලට නගින්න අපිට බා හෙන උසයි .මාව එ හිටපු හමුදාවේ අයියා කෙනක් උස්සල ලොරිය ඇතුලෙන් තිබ්බා.පස්සේ අපෙ මල්ලිවත් උස්සලා තිබ්බා.දැන් ගමේ හැමෝම ලෝරි ඇතුලේ.අපිව නග්ග ගත්තු ලොරි ටිකක් ඈතට යනකොටම එක පාරටම ඈත ඉඩන් තවත් ගිනි බෝලයක් ඇවිත් අපි හිටපු තැන හිටපු හමුදාවේ අයගේ ඉස්සරහ වැ‍ටුනා.ටික වෙලාවක් යනකන් මුකුත් හිතාඅ ගන්නවත් බැරි උන .මගේ ඇස් 2යි කන් 2යි මොකක්ද වෙලා වගේ දැනුනා.

අම්මෝ ටික වෙලාවකින් මම දැක්ක දේ වචනෙන් කියන්නත් බැ මොකද ඒවගේ දෙයක් දැක්ක මුල්ල්ම පාර මම ඒ ...........

  ඊලග කොටසට......
Share:

වන ආදී පරන තුවාල වලට අත්දු‍ටු බෙහෙතක්


වන ආදී පරන තුවාල වලට අත්දු‍ටු බෙහෙතක්

 අහු දළු ,අමු කහ,කොටා තල තෙලන් මලවා වනයේ හෝ තුවලයේ බදින්න.ඊටම එරබදු ගහේ පොත්ත ගෙන පිට සිවිය හැර යන්තමින් තලා පරණ වණයේ ප්‍රමානයට කෑල්ලක් ගෙන නිල් පාට පැත්ත වණයට තබා බදින්න.


Share:

බිත්තර වලින් රසවත් ව්‍යාංජනයක් හදා ගමුද?


                                                  බිත්තර ව්‍යාංජන


අවශ්‍ය ද්‍රව්‍ය:-
*කහ සමග තම්බා ගත් බිත්තර 8 ක්.
*කැබලි කරගත් මිරිස් කරල් 2ක්.
*ලුණු තේ හැදි 1/2 ක්.
*දිය කිරි කෝප්ප 1/2 ක්.
*මිටි කිරි කෝප්ප 1/2 ක්.
*කහා තේ හැදි කාලක්.
*කැබලි කරගත් රතු ළුණු .
*රම්පේ.
*මිරිස් කුඩු තේ හැදි 2ක්.
*කුරුදු පොතු.



*සූදුරු තේ හැදි 1/2ක්

සාදන ක්‍රමය:-

 බිත්තර පොතු හැර යමකින් ඇන රන්වන් පාට ව්නතුරු තෙලෙන් බදින්න.
කිරි සමග අන් සියලු දෑ මිශ්‍රකර බදුනකට දමන්න.
නටන්නට හැර ළුණු තැම්බෙන තුරු පිසගන්න.
දික් අතට කහ මදය දක්වා කපා ගත් බිත්තර දමා මදක් පිසගන්න.
එවිට ඉස්ස්ම හොදට බිත්තරයට කාවැදී රස ගෙන දෙයි.
Share:

හිමි අහිමි ආදරයක්



ආදා පාසලට
ප්‍රථම වතාවට
දු‍ටුවේ ඔය රුවයි
බැබලෙන සුදට
බැදුනා මා අදරෙන්......
හිතට හොරාවට
ටික ටික ලොකු උන අපි
අපිටත් නොදැනිම
තමත් හිතේ ඇත අදරේ
ලොවට හොරාවට
පවසන්නට බියයි


පුංචි නිස අපි තව...

නොදැනිම වෙන් වුනා අපි
සිදුවුනි හැරයන්නට පාසල
සියල්ල හැරගිය හැකි ඔබ හැර
නමුත් සිදු වුනි හැර යන්නට ඔබද මට


වසර කිපයක් ගතවුනි නොදැනිම
ටික ටික අමතක වුනා ඒ සුදු වත
ලංවුනා අදරයක් නැවතත් හිත වෙත..
පෙම් කලා ඇයටත් පුරා හදවතක්

දෙනගත්තා පසු කලෙක
සිරකරගෙන සිටි බවක් ඇයත් අදරයක්
මුළු ලොවක් ඇද වැ‍ටුනි හිස මතත්
‍රැයවල් පුරා හැඩුව එය සිහිකොටත්...

මක් කරම්ද අපි දැන් වෙනතකත්
ඈද ලංවී ඇත වේන හදකටත්
ඇයත් සුව විදි වෙනත් හදවතක
මුදා හරිමු පෙර මතකයන් හුදු සුලගටත්...

Share:

Tuesday, February 16, 2016

සියුම් උපක්‍රමයක්

                                                සියුම් උපක්‍රමයක්

 ඕනැම අවස්ථාවකදී ඔබ දෙයක් කරන්නට පෙරාතුව ඊට සම්බන්ද

අයගෙන් අපදස් පැතිම වටිනා දෙයකි.ඔවුන් ඔබට දෙනු ලබන් උපදෙස් ‍තෝරා බේරාගෙන ක්‍රියවටනැන්වීම සේම සමහර දෙයට කෝප නොවීමද ඔබගේ සාර්ථකත්වයට නියත වශයෙන්ම හේතුවනු ඇත.එසේම ඔබ නොදන්න නොසිතනා පැතිකඩක්  ඔවුන්ගේ උපදෙස් වලින් විවර වනු ඇත.එයින් ඔබගේ කාර්්‍ය හිතුවට වඩා සර්ථකවනු ඇත.එසේම ඔබ යම් කෙනෙකුගේ උපදෙස් පැතිම උපදෙස් දෙන්නගේ සියුම් අඩම්බරයක් ඉපදී වඩාත් හොදින් ඔවුන් ඔබට නිවැරදි මාර්ග පෙන්වනු ඇත.ඔවුන්ගේ
ගෞරවයට ඔබව පාත්‍ර වනු ඇත.ඕනෑම දෙයක් කරන්නට පෙරාතුව විචාර බුධියකින් කටයුතු කරන්න.
Share:

ජීවිතයේ හිමි අහිමි වී යන ආදරය ගැන කථාව #01

                                 හිමි අහිමි





   ජලය පිරි ඕළු වැවකි හා නෙළුම් වැවකට මදිව තරමක ගල් බොරළු ඇති මඩ කඩිති ඇති ප්‍රධන පාර දිගේ තරගේට තම කුඩා කල හොදම යාලුව සමග නිමෙෂ් ගෙදරට දුවයි.කොතෙක් වෙලා නෑවත් දැන්නම් දෙන්නා අයෙත් හැඩිවෙල දාඩිය පෙරාගෙන ගෙවල් වලට අවේ.ගෙදර එනකොට කවුද අදුරන්නැති කට්ටියක් ඇවිත් ගෙදර.නිමෙෂ් එයලගේ මූනත් බලගෙනම ගෙදර කුස්සිය පැත්තට අවා."කවුද අම්මේ අර ඇවිත් ඉන්නේ" නිමෙෂ් කුස්සියේ තේ හදමින් ඉන්න අම්මගෙන් අහුවා."කවුරු උනහම මොකද? කෝ ඔය නාලද අවේ දාඩිය පෙරගෙන අවිත්" අම්මා අහුව ප්‍රශ්නේ මග ඇරලා නෝක්කාඩුවට බනින්න ගත්තා.

 අම්මා ආපු අයත් එක්ක කතා කර කර ඉද්දී මාත් අම්මා ගාවින් පු‍ටුවේ එක ඇන්දක ඉදගත්තා.ඊට පස්සෙයි මට තේරුනේ කට්ටිය ඇවිත් ඉන්නේ මොකටද කියලා.ඔහොම කථා කර කර ඉද්දී මගේ පොඩි මල්ලිත් සෙල්ලම් කරලා ගෙදරට් ආව එයා මට වඩා අවුරුදු  2ක් බාලයි.විනඩි 10 ක් විතර කතා කර කර ඉදලා අර ආපු අය යන්න ගියා.

 නැවතත් පුරුදු පරිදී මායි අම්මයි මල්ලි විතරයි ගෙදර දැන් ඉන්නේ.මම ඉතින් මල්ලිත් එක්ක අයෙත් හවස සෙල්ලම් කරන්න ගියා අපිට ඉන්නව මරු සෙට් එකක් සෙල්ලම් කරන්න.අපේ සෙල්ලම් ගෙදර තමා අපේ අඹ ගහා කට්ටිය ඔක උඩ නැගල තම සෙල්ලම් දාන්නේ.අඹ මල් හැදෙන කාලේට අම්මා කෑගහනව "ඔකෙන් බැහපන් අඹ මල් ටික සේරම හැලෙනවා" කියලා.ඇත්තටම කිව්වෝත එ අඹ ගහේ අඹ මාරම
රහයි.අපිට ඉතින් ඉදුනු අඹයක රස විදින්න වෙන්නේ වාරෙටම එක පරයි මොකද ඉදෙන්න කලින් අපෙ සෙට් එකේ ඇස්වලට අහුවේන් අඹයක් ඉතුරුවෙන් නැනේ.ඔය ගොඩාක් උඩම හරි කොලවලට හැංගිල හරි තිබුන අඹයක් තම ඉදෙනකන් තියෙන්නේ.

අපි ඉතින් සමනයෙන් රෑ 7 විතර වෙනකන් සෙල්ලම් කරනවා.රෑවෙල ගමේ කට්ටියම එනවා අපේ ගෙදර TV බලන්න.එ කාලේ අපෙ ගෙදර තමා ලොකු පාට TV එකක් තිබ්බේ.ම්ට් මතක විදිහට කට්ටියම එ කාලේ පිස්සුවෙන් වගේ බැලුවේ Sirasa TV  එකේ ගිය මහා ගෙදර කියන කථාව.එක අතකට කට්ටිය ඉන්න එක කරදරයක් කියල හිතුවට කට්ටිය සෙට් වෙලා කරන වැඩ වලටනම් මරු තමා.බඩ අල්ලගේන හිනාවෙන්න කතා කියනව කට්ටිය.ගානු අයනේ ඉතින් වැඩියෙන්න්ම එන්නේ ගමෙම තියෙන ඕප ටික අපේ ගෙදරදි තම Publish වෙන්නේ.

                                                            ඊලග කොටසට......



පහලින් ඔයලගේ අදහස් දාල යන්නත් අමතක කරන්න එපා හොදේ.......!!!!!
Share:

රට ඉදි වලින් රසවත් කෑමක් මෙන්න.....!

රට ඉදි ටොපි

 අවශ්‍ය ද්‍රව්‍ය:-
*රට ඉදී රාත්තල් 1යි.
*පොල්ගෙඩි 1යි.


*කජු මද ස්වල්පයක්.
*සීනි ග්‍රෑම් 350.
*බටර් හෝ මාජරින් ස්වල්පයක්.

සාදන ක්‍රමය:-

රට ඉදිවල ඇට ඉවත්කර කැබලි වලට කඩා ගන්න.
පොල් ගෙඩියේ මිටිකිරි ටික ගෙන ලිප තබා සීනි කලවම් කර උකුවන තෙක් හැදි ගාන්න.
එයටම කඩාගත් රට ඉදිත් එකතු කජු මදත් ඩමා හොදට හැදි ගන්න.
මෙයට වැනිල ස්වල්පයක් එක්කර ඝන වූ පසු බටර් හෝ මජරින් තැවරු ලෑල්ලක් මත එය දමා කැමති හැඩයකට කපා ගන්න...
Share:

දිවා කලයේදී සිදුවන තුවල වලින් රුධිරය පිටවීමේ වෙගය වැඩි වීමට හේතුව



  දවල් කාලයට අපගේ සිරුරු වල සම අසල ඇති රුධිර කේෂනාලිකා පවතින්නේ විස්ථාරනය වූමෙනි.එවිට කේෂ නාලිකාවන්ගේ කුහරයද මදක් විශාක වේ.එ නිසා දිවා කාලයට සම අසලට ගලා එන රුධිර ප්‍රමානය වැඩිය.එ නිසා දවල් කාලයේදී තුවාලයක් සිදු වූ විට වැඩියෙන් රුධිරය වහනය වීම සිදුවේ. 
Share:

Monday, February 15, 2016

පිටි සහිත ආහාර වැඩිපුර ගත් වුට නුදුමත හැදෙන්නෙ ඇයි?

             

    පිටි සහිත් ආහාර ගැනිමෙන් ශරිරයෙ සීනි ප්‍රමානය වැඩිවේ.සීනි ප්‍රමානය පාලනය කිරිමට වැඩිපුර ඉන්සියුලින් නිපදවයි.එවිට ට්‍රිප්ටොෆාන් රසායනිකය මොලයට ගමන් කරයි..



  එය සෙරටෝනින් බවට පරිවර්තනය වේයි..රාත්‍රියෙදි අපට ස්වාභාවික නින්ඩ ලබා දෙන්නේ මෙම සෙරටෝනික් වෙයි..පිටි සහිත ආහාර වැඩිපුර ගැනිමෙන් නිපදවෙන සෙරටෝනින් නිසා නිදිමත ගතියක් ඇතිවේ..........
Share:

රුව කැත කරන අලුහම් නිට්ටාවටම සුව කරගන්න

                               අළුහම් වලට

 ඇත්තෝර කොළ යුෂ ගෙන අව් රශ්මියෙන් කකාරා ඇගෙහි  ගා අව්වේ ස්වල්ප වෙලාවක් සිට ස්නානය කර මසකටවරක් අරළු කල 6 කුත් ඇස්ස ගැසු තැඹිලි ගෙඩියකට දමා වසා රාත්‍රිය පින්නේ තබා උදේ පෙරා මොන්න..


Share:

Sunday, February 14, 2016

බිදුනු පලමු පෙම

සිහිවෙයි පලමු පෙම
සිහිවෙයි මෝඩ කම
සිහිවෙයි පෙර මතකය
හඩ වටෙයි මා අද.....

කල වරදකට ඒ කල
අහිමි වුන පලමු පෙම
බැදී අන් ළදකට .
අමතක කලා පලමු පෙම............



සිතා සුර දූතියක්...
කිය පෙම්බැන්දා දහසක්
දැනුන පසුව කල වරදක්
යක් දෙසියෙකි ඈ වෙස්ගත් මිනිසත්............

මක් කරන්නද මා දැන් බැදගත් 
බෙරය වයනවා හැර වෙනතක්...
පලමු පෙම සිහිපත් 
කරමින් හඩටි මා දැනටත්.....
Share:

දිව දෙකේ කෙල්ලන්


Share:

Saturday, February 13, 2016

වායු සමනය කල කාමරයක වුවද දූවිලි දක්නට ඇත්තේ ඇයි......?

වායු සමනය කල කාමරයක වුවද දූවිලි දක්නට ඇත්තේ ඇයි......?


 අප ශරිරයේ භාහිර සම නොකඩවා ප්‍රතිජනනය වෙයි.නිවසේ ඇති දූවිලි වලින් වැඩි ප්‍රමානයක් ඔබේ ශරීරයේ සමෙන් ඉවත් වන කොටස් වෙයි.බාහිර සමෙන් විනඩියකට මියගිය සෛල 30000 -40000

ප්‍රමානයක් ඉවත්වේ.වසරකට ග්‍රෑම් 500 ක් පමන සමෙහි කොටස පරිසරයට එක කරයි.  
 වායු සමනය කල කමරයක වුවද දූවිලි දක්නට ඇත්තේ එ නිසයි.දින 27 කට වරක් අපේ සම අලුත් වේ.ලෝකය පුරා පරිසරයේ ඇති දූවිලි ටොන් දහස් ගනනකට මිනිසුන්ගේ මියගිය සෛල හේතුවේ..
Share:

සුදු මුහුණේ


Share:

ලැගුම් හල් සහා පෙම්වතුන් පිලිබද ලංකාවේ නීතිය........

ලැගුම් හල් සහා පෙම්වතුන් පිලිබද ලංකාවේ      නීතිය........


ලැගුම්හල් සහා පෙම්වතුන් පිලිබද පොලීසියට ක්‍රියාතමක විය හැකි රාමුව තීරණය වන්නේ ඒ සම්බන්දව පනවා ඇති විවිධ නීති මගිනි.ඒ නිති රීති පිලිබද වර්ථමානයේ සමාජය පමනක් නොව පොලිසියද පැහැදිලි අවබෝදයක් නොපවතින බව අප රට තුල  සිදුවන් ඇතැම් සිදුවීම් පිලිබද සොයා බැලිමෙදි පෙනීයන කරුනකි.එබැවින් මෙවැනි අවස්තාවකදි පොලිසියට ක්‍රියත්මක විය හැකි ආකාරය පිලිබද දැනුමක් මහජනයා තුල පැවතිය යුතුය...

 ප්‍රදාන වශයෙන්ම ගණිකා වාස පනත යටතේ ලැගුම්හල්වල සිටින්නන් අත්ඩංගුවට ගැනිමට පොලිසියට බලය ඇත.

  මෙම පනතේ 02 වන වගන්තියට අනුව ගණිකා වසයක් පවත්වාගෙන් යාම ,කලමණාකරනය කිරීම,කලමනාකරණයට අධාර කිරිම එම වරදට වැරදි කරුවෙකු විය හැකිය.
 

එසේ වුවද මෙම පනත යටතේ ලැගුම් හලක සිටින්නන් අත්ඩංගුවට ගත හැකිවන්නේ දෙහ්ඩෙනාගෙන් කාන්තාව එම ලැගුම්හලේ සේවයේ නියුක්තව සිටින්නේනම් පමනි.යම් පුද්ගලයේක් ලැගුම්හලට පිටතින් කාන්තාවක් ‍රැගෙන ගොස් ඇය සමග ලිංගික කර්යයේ යෙදේනම් එයට කිසිසේත්ම බාධා කිරිමට පොලීසියට නොහැකිය.

   (සිරිනිමල් එදිරිව හලාවත පොලිස් පරික්ෂක සහා තවත් අය නදුවේ 2001 ශ්‍රි ලංකා නව නීති වාර්ථා පි‍ටු අංක 29 මෙ බව දක්වා ඇත.)

 යම් අයෙකු ලැගුම් හලක් තුල බාලවයස් කාර දැරියක් හෝ දරුවෙකු සමග සිටි නම් ජාතික ළමාරක්Sශක පනත යටතේ එම පුද්ගලයා අත්ඩංගුවට ගැනීමට පොලිසියට හැකිය.
  එහිදී එල්ලවන චෝදනාව වන්නේ බාලවයස්කරුවකු ලිංගික අපයොජනයට ලක් කිරිම යනුවෙනි.
  පාසල් සිසු සිසුවියන් සම්බන්දයේන් තත්වය මෙම කාරණාවටම අයත් වේ.

 මෙම නීතියට ගරු කිරිමක් වශයේන් බොහෝ ලැගුම්හල් වලට පුද්ගලයන් ඇතුල් කර ගැනිමෙදි හැදුනුම් පත පරීක්ෂා කිරිම සිදු කරනු ලබයි.
අවුරුදු 18 අඩු දරුවෙකු දෙමාපියන් හා තම පවුලෙ සමග නොසිටින බව පෙනී යන්නේනම් කාමර ලබා දීම ප්‍රතික්ශෙප කරන ලැගුම්හල් හිමියන් කොතෙකුත් සෛටිති.
එසේ වුවද ප‍ටු ලාබ ප්‍රයොජන හා වාසි අරභයා බාලවයස්කාරටින්ට ලැගුම්හල් සේවාව සපයන පුද්ගලයන්ද සිටිති.
 ඒ සම්බන්දව ක්‍රියා කිරිමට ප්‍රමානවත් නීතීරීති අප නීතී පද්ධතිය තුල ඇත.යම් තැනැත්තෙකු ලැගුම් හලක නොවන වෙනත් ඔනෑම ස්තානයක ‍රැදි සිටියදී සිදුකරනු ලබන පරික්ෂාවකදී තමාගේ අනන්‍යතාව තහවුරු කිරිමට අසමත් වුයේනම් ත්‍රස්තවදය වැළැක්වීමෙ පනත යටතේ ඔහුව අත්ඩංගුවට ගැනිමට පොලිසියට හැකිය.

 එහෙත් ලැගුම් හලකදී අත්ඩංගුවට ගැනිමෙදී එම පුද්ගලයාට විරුද්දව ගොනු කල හැකි චෝදනාව වන්න අනන්‍යතාව ඔප්පු කිරිම  අසමත් වීම සම්බන්දයෙන් පමනි.ලැගුම්හල් තුල ලිංගික ක්‍රියාවක යෙදුණේ ද යන්න මෙහිදී අදල නොවේ.
 නමුත් අද බොහෝ අවස්ථා වලදී සිදුවන්නෙ අනන්‍යතාව ඔප්පු ලිරිමට නොහැකිවීම යටතේ සැකපිට අත්ඩංගුවට ගෙන් ලිංගික ක්‍රියාවක යෙදිමසම්බන්දයෙන් සැකකරුට දැඩි අවවාද කොට නිදහස් කිරිමයි.
 කෙසේ වෙතත් හදිස්සි නීතිය යටතේ හෝ ත්‍රස්තවාදය වැළැක්වීමෙ පනත යටතේ ලිංගික වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් අත්ඩංගුවට ගැනිම නෛතික වශයෙන් ප්‍රශ්න කලහැකි තත්වයකි.
 යම් අවශ්තාවක යම් පුද්ගලයෙක් කාන්තවක් සමග ලැගුම් හලක හෝ වනයම් ස්ථානයක ලිංගික ක්‍රියාවේ යෙදේන්නේ ඇගේ කැමැත්තට පටහැණිවනම් දණ්ඩ නීති සංග්‍රහයේ  වගන්තිය යටතේ එම ස්ථිය දූෂණ චෝදනාව යටතේ එම පුද්ගලයාට නඩු පැවරිය හැක.
  මෙහිදී ප්‍රබලම කාරනය වන්නේ ස්ථ්‍රියගේ කැමැත්තයි.
ඇගේ කැමැත්ත ඇය කැමැත්ත දීමට හැකි හොද සිහි බුද්ධියෙන් පසුවන අවස්ථාවක ලබාගත්තක් විය යුතුයි.
යම් හෙයකින් අදාල කාන්තාව බාල වයස්කාරියක් නම් මෙම කැමැත්ත පිලිබද කාරණය බලපාන්නේ නැත.
විවහක පුරුෂයෙකු හෝ ස්ත්‍රියක් තවත් විවහක පුරුෂයෙකු හෝ ස්ථ්‍රියක සමහ ලිංගික කාර්යයේ යෙදිම අනාචරයයි.

 මෙය ලංකා අපරධ නීතිය යටතෙ වරදක් නොවේ."අනාචාරය'යනු දික්කසාදයේ දී නඩු නිමිත්තක් සපයන්නවු කාරනයක් පමනක් වන අතර මෙවන් අවස්ථාවලදි පොලිසියට හැසිරිය හැකි කිසිදු භුමිකාවක් නොමැති බව අවදාරණය කල යුතුය..
Share:

Friday, February 12, 2016

හැරමිටියෙන් යන්නට පෙර...!!!!

                                                   හැරමිටියෙන් යන්නට පෙර...!!!!

 යොවුන් වියෙදී ආදරයේන් බැදීම ස්වාභාවිකය.එහෙත් ඔහුට හෝ ඇයට තමන්ගේ හිතේ වන ආදරය ප්‍රකාශ කරන්නට පෙර දුර දිග බැලිමෙන් ඔබට හෝ ඔහුට ඇතීවිමට නියමිත සිත් වේදනාවෙන් වළකා ගත
හැකිය.දුරදිග නොබලා බැදෙන ආදර සබදතාවක්  නිසා ජීවිතය වනසා දමන සිදුවීම් වීමටද ඉඩ ඇත........
Share:

Thursday, February 11, 2016

කෝපි වලින් රසවත් පානයක් හදාගමුද?????

                                                     අයිස් කෝපි

  අවශ්‍ය ද්‍රව්‍ය:-


*කෝපි ග්‍රෑම්.100
*ටින්කිරි ටින් 2යි.
*සීනි රත්තල් 1යි.
*වතුර බොතල් 6යි.
*වැනිලා

සාදන ක්‍රමය:-


  වතුර හොදින් උණු කර එයට කෝපි කුඩු දමා එයට සුවද පොට්ටනියක් දමන්න.
එය තැම්බෙනකොට හොදින් වසා තබන්න.(මෙය ටිකක් උණු කලත් කමක් නැත)
ටිකකට පසු පෙරා වැනිලා,කිරි සහා සීනි දමන්න.
ඉන්පසු බොතලයකට දමා ශීතකරනයට දමන්න.ඉන් පසු රසවත් අයිස් කෝපි පානයක් රස විදගන්න....
Share:

Wednesday, February 10, 2016

ඔබත් දත් කැක්කුමෙන් පීඩා විදින්නෙක්ද? මෙන්න ප්‍රතිකරය.......!!!

                                                                දත් කැක්කුමට

කුඹුරු දළු දෙහි ඇඹුල් වලින් අඹරා දත මුල තබන්න.

    ඉටම පුලුන් කැබැල්ලකට කුරුදු තෙල් ගෙන දතට තබන්න.
 එයටම නික කොල ,වළග සහල්,සුදුළුණු  එක පමනට ගෙන කොටා මිරිකා තල තෙල් දමා රත්කර කට සොදන්න..

  ඔබෙ දත කැක්කුමට එය ඉක්මන් සුවයක් ගෙනදෙයි.එසෙම නැවත ඇතිවීමෙන්ද වලකයි.

Share:

Monday, February 8, 2016

කොට්ටෙන් පනින්න බැරි මිනිහා........!!!

ඔන්න එක්තරා දවසක් එක්තරා ආයතනයක Bossටයි ලේඛම්ටයි එයලගේ කොම්පනියේ වැඩ වගයකට සතියකට ටිකක් පිටිසර ගමකට යන්න උන සතියකට.ගමෙ නවතින්න තැනක් හොයගන්න ගොඩක් මහන්සි වෙන්න උනා දෙන්නට.අවසානේ තරමක් කුඩාගෙදරක එක් කාමරයක් හොයගන්න පුලුවන් උනා දෙන්නටම.දෙන්නම එක කාමරයේ ඉන්න එකග වෙලා කමරය බලන්න ගියහම එ කමරේ තියෙන්නෙත් එක ඇදයි.
ඉතින් දෙන්නා එකත් කතාකරල විසදගෙන මැද්දේන් කොට්ටයක් තියගෙන නිදාගත්තා.
ඔහොම සතියක් ගෙවිලාගිහින් එයලට නැවත ගෙදර යන දවස උදා උනා.ඉතින් අන්තිම දවස නිස දෙන්න කතා කරගෙන ගමෙ ලස්සන කන්දක් බලන්න යන්න සෙට් උන.කන්ද උඩ  හුලග වැඩි නිස දාගෙන හිටපු තොප්පිය ගැලවිල තරමක් ලොකු ගලක් උඩට විසි උනා.එ ගලෙන් එහ පැත්තෙ තම Boss හිටියෙ එය කැගහල කිව්වා මම තොප්පිය අරන් ඔය පැත්තට එන්නම් කියල.එතකොට ලේඛම් කැගහල කියනව සතියක් තිස්සෙ කොට්ටෙන් එහ පැත්තට පැනගන්න බැරිඋන එකේ මෙ ලොකු ගලෙන් එහ පැත්තට පනින්නෙ කොහොමද කියල.....





Share:
..ඔබව පිලිගන්නවා අපගේ ප්‍රීතිමත් ජීවිතයක් වේබ් අඩවියට...
Html CodeHtml Codes

Translate


Taara Wedding


Face Book

ඔබ එන්නේ කොහේ ඉදන් ද?

Blog Archive

වැඩියෙන්ම අවංක කෙල්ලො ද? කොල්ලෝ ද?

මෙවර T20 ක්‍රිකට් World Cup එක දිනන්නේ කවුද?

Face Book

අදරය ගැන

අදරය ගැන ඔයා මොකද හිතන්නේ?

පහලින් ඔයාගේ අදහස් දාලායන්න අමතක කරන්න එපා.......

Advertise


ඔබේ නිර්මාණ වලට ඉඩක්


අලුත්ම දුරකතන මිලදි ගැනිමට