
මම අවදි වුනේ අම්මා ඇහැරවනකොට.මට හොදටම නින්ද ගිහින් .අපි ඇවිල්ල තියෙන්නේ රතු කුරුසය කියන එක්තර සංවිදානයක් හදල තිබ්බ කදවුරකට. එකට අපේ ගමෙ අය විතරක් නෙමේ තවත් ගම් වල ගොඩක් අය ඇවිල්ල හිටිය.ගොඩාක් අය කලබල වෙලා හිටියේ මොකද කොච්චර කොටි කලබල තිබුනත් අපේ ගමට මෙ විදිහට ගහපු පලවෙනි පාර මේ. සුදු පාට ඇදුම් ඇද ගත්ත කට්ටියක් ඇවිත් අපිට කිරි පැකට් එක ගානේ දිල ගියා .එ මහ රැ සීතල මොන කිරි පැකට්ද අප්පා....
මේ විදිහට කදවුරේ අපි දවස් 3ක් විතර හිටියා.අලුත් යලුවෝ කට්ටියකුත් අදුර ගත්ත.එ අතරින් එක්තර විශේෂ කෙනෙකුටත් හිත ගියා.දවස් 3කට පස්සේ අපි ආයෙත් අපෙ ගම් වලට එන්න ආපු හමුදා ලොරි වලටම නැග්ගා.පැය 4ක වගේ කාලයකට පස්සේ අපි අපේ සුපුරුදු පරිසරයට ලගාවුනා.හැබැයි ගම තිබ්බට වඩා ටිකක් වෙනස් වෙලා වගේ ,හරියට එක පාරක් අගොස්තු මාසේ ආව සුළි සුලග වගේ සමහර ගස් කඩන් වැටිල .සමහර ගෙවල්වල බිත්ති කඩන් වැටිල තිබ්බා.
කොහොම හරි අපි ගමට එනකොට හමුදාවේ තවත් ලොකු ලෝරියක් ගියා .එකේ ඇතුලේ තිබුන එව දැක්කහම කලන්තේ හැදෙන්නැතුව බේරුනේ හරි අමරුවෙන්.මැරුන අයගේයි තුවල උන සමහර අයගේ අත් කකුල්, ඔලු ඇගේ සමහර කැලි පිරිලා තිබ්බේ එකේ.එ අමිහිරි අත්දැකිම නම් මම මුල්ම පාරට දැක්කත්, අපේ අම්මලනම් ගොඩක් දැකල තියෙන්න ඇති එකයි එයලට අලුත් දෙයක් නොවුන වගේ
හිටියේ.ඇත්තටම එ වගේ දේවල් දකිද්දි තම එ පැවතුන යුද්ධය නිම කරන්න උර දුන්නු බලධාරින්ට,අපේ සහොදර සෙබලුන්ට පින් දෙන්න වටින්නේ.මොකද ගොඩාක යුද්දේ ගැන කතා කරන ගොඩාක් උදවිය යුද්ධයේ අමිහිරි මතකයන් විදපු අය නෙමේ.යුද්ධයේ නිමාව නොවන්නට තවමත් මා දුටු අයුරින් තවත් බොදො දෙනාගේ අත් පා සිසිකඩ විසිරි යමට ඉඩ තිබුනි......
ලබන සතියට......
0 comments:
Post a Comment